ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවලට ණය සහන සහ ණය ආපසු ගෙවීමේ කාල සීමා දීර්ඝ කිරීමේ සූදානමක සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළත් ණය සාමූහිකයක් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ණයහිමි රටවල් කණ්ඩායම සමග මෙම එකඟතාවය ට එළඹී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව සමග ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවී මාසයකට පමණ පසුවය.

ඒ අනුව, දෙවන IMF වාරිකය ඩොලර් මිලියන 330 ක වාරිකය ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ.