‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සමාගම සමඟ මැයි මස මැද වන විට ගිවිසුම්ගත වී ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත් ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලය පිළිබඳව එම සමාගම සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීහූ සහභාගි වූහ.