පාසල් සිසුවියක් දුම්රියට බිලි

පාසල් සිසුවියක් දුම්රියට බිලි

මාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (25) රාත්‍රි ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වූයේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි දෙව්මීණි සදරුවනි (16) නැමැති සිසුවියකි.

ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි.

තවත් මිතුරියන් තිදෙනෙකු සමග දුම්රිය මාර්ගය දිගේ වෙනත් මිතුරියකගේ උපන් දින සාදයක් සහභාගී වීම සඳහා යමින් සිටියදී ඇය මෙම අතරතුරට ලක් වූවාය.

මාතර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.