විජයදාසගේ සභාපතිකමට එරෙහිව දුමින්දගෙන් පෙත්සමක්

විජයදාසගේ සභාපතිකමට එරෙහිව දුමින්දගෙන් පෙත්සමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (14) නඩුවක් ගොනුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.