කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

හෙට සිට පවතින කාලගුණයේ වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ හෙට සිට දිවයිනේ ප්‍රදේශ කීපයකට රාත්‍රී කාලයේදී වැසී ඇති විය හැකි බවයි. එම තත්ත්වය ලබන විසිහතර වෙනදා දක්වා පවතින බව ඔහු කියා සිටිනවා.

වැසි නිසා උණුසුම් කාලගුණයේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැවතත් උෂ්ණත්වය වැඩි වීමක් සිදුවන අතර, අප්‍රේල් 05 සිට 15 දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරන බැවින් සූර්යය ශක්තිය වැඩි වශයෙන් දිවයිනට ලැබෙන බවයි කාලගුණ අධ්‍යක්ෂවරයා පවසන්නේ.