වයඹට ගව මස් තහනමක්

වයඹට ගව මස් තහනමක්

වයඹ පළාතේ ගවයන් අතර මේ වනවිට චර්ම ගැටිති රෝගය නම් වෛරස රෝගය වේගයෙන් පැතිරෙන බැවින් එම පළාත තුළ සතුන් මස් පිණිස භාවිත කිරීම හෝ ගවයින් පිට පළාත්වලට ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම වෛරස රෝගය පළාතේ ගවයින් 2000 කට වැඩි පිරිසකට පැතිර ගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව දෙපාර්තමේන්තුව පවසයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් අධ්‍යක්ෂ බී.සී.එස් පෙරේරා මහතා පවසුවේ, මේ වනවිට වයඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 46න් 33කම ගවයින් අතර මෙම රෝගය පැතිර ගොස් ඇති බවයි.

අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ, එම ගවයින්ගේ මස් පරිභෝජනය කිරීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවයි.