පවුල් ආරවුලකට බිරිඳගේ කකුල් දෙකම කපලා

පවුල් ආරවුලකට බිරිඳගේ කකුල් දෙකම කපලා

බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳගේ කකුල් දෙකම අද (16) සවස කපා දමා ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

පවුල් ආරවුලක් මත සැමියා මෙම අපරාධය කර ඇති බවත් බරපතල තුවාල ලැබු 34 හැවිරිදි බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඇය දොඩන්දුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් බවත් පොලිසිය පවසයි.

කකුල් කැපිමෙන් පසු ඔහු නිවසේ තිබු යතුරු පැදිය සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇත.

සැකකරු යුධ හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකුල නොවන ආකාරයට ඉවත් වී ඇති අයෙකු බවටද ඔහු රත්ගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි තෙලිකඩ පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.

Share This