දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම යළි දීර්ඝ කරයි

දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම යළි දීර්ඝ කරයි

දිස්ත්‍රික්ක හතකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම ඉදිරි පැය විසි හතර දක්වාද දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.

ඒ අනුව, අද (01) උදෑසන 08 සිට හෙට (02) උදෑසන 08 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකය.