ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා, මිය යන විට 83 වන වියේ පසු විය.

ඔහුගේ සුවදුක් විමසීම සඳහා පසුගිය 11 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබුණි.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙන අතර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ප්‍රධානපෙලේ දේශපාලනඥයෙකි.

කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා සිය දේශපාලන භූමිකාව තුළ අමාත්‍යංශ කිහිපයක අමාත්‍යධුර හොබවා තිබේ.

ජීවිතක්ෂයට පත්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි, පවුලේ ඥාතීන් සදහන් කළේ.

Share This