සාමණේර හිමිට අතවර කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට

සාමණේර හිමිට අතවර කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට

ඔක්කම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස්නව හැවිරිදි විහාරාධිපති හිමියන් ඊයේ (07) ඔක්කම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ශරීර ඇප මත මුදාහැර ඇති අතර නඩුව යළි ලබන වස‍රේ මාර්තු 3 වැනි දිනට කල් තබා තිබේ.