මධ්‍යසාර භාවිතයෙන් 70%ක් ඉවත් වෙලා

මධ්‍යසාර භාවිතයෙන් 70%ක් ඉවත් වෙලා

මෙරට ජනගහනයෙන් 70.9% ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

29.1% ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් 43.3%ක් පිරිමි පුද්ගලයින් සහ 2.8% ක් කාන්තාවන් වේ.

මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමය.