දකුණේ පාතාල සාමාජිකයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

දකුණේ පාතාල සාමාජිකයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන අම්බලන්ගොඩ ‘සමන්කොල්ලා’ නමැත්තාගේ අම්බලන්ගොඩ, ඉඩන්තොට පොනදුව ප්‍රදේශයේ නිවසට අද අලුයම් කාලයේදී වෙඩි ප්‍රහරයක් එල්ල කර ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

අද (14) අලුයම 3.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් ටී පනස්හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි දහයක් පමණ තබා ඇති බවද පොලීසිය කියයි.

නිවසේ ප්‍රධාන ගේට්ටුවට, තාප්පයට හා නිවසේ දොර ජනෙල්වලට මෙම වෙඩි ප්‍රහාරය එල්ල්වී ඇති අතර, අදාළ සිදුවීම වන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇත.