පියෙකු දියණිය සමග දුම්රියට පනී

පියෙකු දියණිය සමග දුම්රියට පනී

කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා දියණියක් ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියට පැන සියදිවි හානි කර ගෙන ඇතැයි කන්තලේ පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක්‌ වු පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණිය වයස අවුරුදු 06 ක්.

මෘත ශරීර කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

මරණකරුගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස්‌ ඇති අතර, බිරිඳ අනියම්‌ සම්බන්ධතාවයක්‌ පවත්වන බවට දැන ගැනීමෙන්‌ පසු ඇතිවූ සිත්‌ තැවුලක්‌ හේතුවෙන්‌ මෙලෙස දියණිය සමග සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.