උසස්පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස්පෙළ සිසුන්ට දැනුම් දීමක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද (07) සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට අයදුම් කිරීමට හැකියි.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත ගියවර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This