චරිත හේරතුත් කෝප් කමිටුව හැර යයි

චරිත හේරතුත් කෝප් කමිටුව හැර යයි

පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට දැනුම්දුන් බවයි.

චරිත හේරත් මහතා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන්නේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉල්ලා අස්විය.

ඒත් සමග එම කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන තුනක් දක්වා ඉහළ යයි.

Share This