දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබේ.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බවයි, වාර්තා වන්නේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉල්ලා අස්වී තිබුණි.