මාතලේ ඩිපෝව ඇතුළේ කසිප්පු පෙරලා

මාතලේ ඩිපෝව ඇතුළේ කසිප්පු පෙරලා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝව තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

කාලයක සිට ඩිපෝ පරිශ්‍රය තුළ කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කරන බවට මාතලේ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ දී එක් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර වැඩ පරීක්ෂකවරයෙකු සමග ගෝඩා මිලි ගෑම් 6650ක් හා කසිප්පු මිලිග්‍රෑම් 1500ක් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ ද සමග අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Share This