මිනිසුන් ස්පර්ශ කිරිම නිසා මව විසින් ප්‍රතික්ෂේප කළ කඳුකර කොටි පැටවා

මිනිසුන් ස්පර්ශ කිරිම නිසා මව විසින් ප්‍රතික්ෂේප කළ කඳුකර කොටි පැටවා

තලවකැලේ තේ වත්තේ අතරමංව සිටියදී හමු වු කදුකර කොටි පැටවා තම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පැවසිය.

තලවකැලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට පසු ගියදා අතරමංව සිටි මාසයක් පමණ වයසැති එම කොටි පැටවා හමු වී ඇති බවත්, පසුව කොටි පැටවා හමු වු ස්ථානයේම දින කිහිපයක් ආරක්ෂිතව මවට භාර දිම සදහා රඳවා තිබුණද, කොටි පැටවා අසලට පැමිණි මව පැටවා රැගෙන නොයැම නිසා ඉතා දුර්වල තත්ත්වයේ සිටි කොටි පැටවා තම රෝහල වෙත රැගෙන පැමිණි බවයි, වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා කියා සිටියේ.

මෙසේ අතරමංව සිටින කොටි පැටවුන් අල්ලා සුරතල් කිරිමෙන් හෝ එම කොටි පැටියාට කිරි ලබාදිමට උත්සහ කිරිමේදි කොටි පැටියාව මිනිසුන් විසින් ස්පර්ශ කර ඇති බවට ඉව ඇති නිසා මව කොටි පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

කොටි පැටියා ගැහැණු සතෙකු බවත්, වතු කම්කරුවන් විසින් කොටි පැටියා අල්ලා වතු තලවකැලේ වතුයායේ වතු අධිකාරිවරයා වෙත භාර දීමෙන් පසු නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ගේද සහය ඇතිව වතු අධිකාරිවරයා එම කොටි පැටවා ආරක්ෂිතව මවට භාර දිමට අවස්ථා කිහියකදිම උත්සහ කර ඇති බවද වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පැවසිය.

මව කොටි පැටවා අසලට පැමිණ පැටියා රැගෙන යාම ප්‍රතික්ෂේප කරන අයුරු වනජිවි නිලධාරින් විසින් සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.