“2024 මම තමයි නියත ජනපති” – ජනක රත්නායක

“2024 මම තමයි නියත ජනපති” – ජනක රත්නායක

තමා 2024 නියත ජනාධිපතිවරයා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.

තමා 2024 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත්, ආර්ථිකය ස්ථාවර කළ හැකි ආදායම් උපයාගත හැකි වැඩපිළිවෙළක් තමා සතුව ඇති බවයි, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටියේ ”ජේ. ආර් 2024” යනු ජනක රත්නායක ජනපති සටනට එන තේමා පාඨය ද යන්නයි.

එවිට ඔහු ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවත් තමා ඉදිරියේදී නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත්වන බවයි.

Share This