“පොලිස්පති මහජන සහන දිනය” යළිත්

“පොලිස්පති මහජන සහන දිනය” යළිත්

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව, ලබන සිකුරාදා (15) සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙනු ඇත.

දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අතරින් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ පැමිණිලි ඝෘජුවම වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමිවේ.

Share This