web hit counter
ධම්මික පෙරේරා ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

ධම්මික පෙරේරා ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි.

එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත් සෙනසුරාදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නැති බව ද පවසයි.

පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )