දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ විශ්විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලයක් විසින් අදාළ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

මීට මාස 5කට පෙර අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඊයේ ගොඩ ගනු ලැබුවේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙම අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කර තිබූ නිර්දේශයකින් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ලබා දුන් නියෝගයකට අනුවයි.

දේහය ගොඩ ගැණුනු ස්ථානයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ස්ථානීය නඩු කටයුත්තක් ද ඊයේ පැවති අතර ලබන මස 20 වැනිදා එම නඩුව යළි කැඳවීමට එහිදී නියෝග කර තිබේ.