සෞඛ්‍ය වෘත්තීය සමිති 19 වැනිදා සිට යළි වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 19 වැනිදා සිට යළි වර්ජනයේ

ලබන 19 වැනිදා සිට වර්ජනය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි.

අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලු වලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවයි.

එහිදී රවී කුමුදේශ් වැඉිදුරටත් මෙලෙස පැවසීය,

“සෞඛ්‍ය ඇමතිවරයා ගැටළුව විසඳීමට උපරිම උත්සාහ ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සියළු පාර්ශව ජයග්‍රහණය කරවිය හැකි තාක්ෂණික වාර්ථාවක් ලබා දී තිබෙනවා.

රජයේ පාර්ශවයෙන් විශාල ධනාත්මක මැදිහත්වීමක් තිබෙනවා. නමුත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික බව හේතුවෙන් සාකච්චාමය විසඳුමකට යා හැකි ඉඩ කඩ ඇහිරිලා තිබෙනවා.

19 වනදා සිට රෝගීන්ට සිදු විය හැකි අපහසුතාවයන්ගේ පූර්ණ වගකීම, සාකච්ඡා මගහරින නිලධාරී භාරගත යුතුයි.”