ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක්

ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුමට හැකර් ප්‍රහාරයක්

වනජීවී, වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා.

මේ වන විට එම ගිණුමෙහි නිල ඡායාරූපය ඉවත්කර ඒ වෙනුවට සංස්කරණය කරන ලද ඊජිප්තු පිළිරුවක ඡායාරූපයක්ද ඇතුළත් කර තිබෙනවා.

එම ෆේස් බුක් පිටුව හැක් කරන ලද පාර්ශවයන් විසින් එහි විවිධ අසභ්‍ය දර්ශන මෙන්ම වීඩියෝ ක්‍රීඩාවක් ලෙස දිස්වන අන්තර්ගතයන් ඇතුළත් වීඩියෝ පට පළ කිරීමට කටයුතු කර තිබුණා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම යළි යථා තත්ත්වයට පත් කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Share This