කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

කොළඹ මහ නගර සභා සීමාවේ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ කොළඹ නගරයේ නිවැසියන් තම පරිශ්‍ර ඩෙංගු මදුරු කීටයින් බෝ නොවන ආකාරයෙන් පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත්, ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථාන රැසක් ඩෙංගු මදුරු කීටයින් බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.