චමෝදිට විස වුනු ප්‍රතිජීවක එන්නත මහනුවර රෝහලේදී තවත් දෙන්නෙක්ට විස වෙලා

චමෝදිට විස වුනු ප්‍රතිජීවක එන්නත මහනුවර රෝහලේදී තවත් දෙන්නෙක්ට විස වෙලා

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනීට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාගත් දෙදෙනෙක්ට ද ආසාත්මිකතා මතු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ හේතුවෙන්, එම ප්‍රතිජීවක ඖෂධ තොගය පේරාදෙණිය සහ මහනුවර ජාතික රෝහල යන රෝහල් දෙකෙන් තාවකාලිකව ඉවත් කළ බවත් ආසාත්මිකතාවලට පත්වූ රෝගීන් හොඳින් සිටින බවත් ඒ මහතා පැවසීය.