ඇහැලියගොඩට රතු නිවේදන නිකුත් කෙරේ

ඇහැලියගොඩට රතු නිවේදන නිකුත් කෙරේ

අධික වර්ෂා තත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

“පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් නායයෑම, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි නඩා වැටීම් අනතුරුවලින් වැලකීමට ආරක්‍ෂිත ස්ථානවලට යන්න” ලෙස රතු නිවේදනයේ සඳහන් වේ.