දුම්රිය වර්ජනයට එරෙහිව දුන් විසඳුම

දුම්රිය වර්ජනයට එරෙහිව දුන් විසඳුම

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය.

එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් අට දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසීය.