ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

ඉන්ධන පිරවුම්හලේ මුරකරුගේ සිරුර කළු ගඟෙන් හමුවෙයි

දියේ ගිලී මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් නාර්තුපාන පාලම අසල කළු ගඟේ පාවෙමින් තිබියදී අද (21) හමුවූ බව තෙබුවන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, අගුරුවාතොට උස්වත්ත ලිපිනයේ පදිංචිව සිටි හල්නෙත්ති රුවන්සිරි පෙරේරා නමැති 43 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය පැවසීය.

මිය ගිය පුද්ගලයා අඟුරුවාතොට ඉන්ධන පිරවුම්හලේ මුරකරුවෙකු ලෙස සේවය කර තිබේ.

මියගොස් ඇති තැනැත්තා අතුරුදන් බවට පසුගිය 20 වන දා පස්වරුවේ ඔහුගේ බිරිඳ විසින් අඟුරුවාතට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

තෙබුවන පොලිස් ස්ථානයට ලද 119 තොරතුරකට අනුව නාර්තුපාන පාලම ආසන්නේ කළුගගේ ගං ඉවුරේ පාවෙමින් තිබූ මළ සිරුර සොයාගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.