පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්

පළාත් 07ක අද දැඩි උණුසුම් තත්ත්වයක්

පළාත් 07ක උණුසුම අදත් අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල ද උණුසුම අද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන්ය.

එමෙන්ම, නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

එබැවින්, උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Share This