රජයේ වී ගබඩාවෙන් වී තොග අතුරුදහන් වීමේ සිද්ධියට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

රජයේ වී ගබඩාවෙන් වී තොග අතුරුදහන් වීමේ සිද්ධියට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතීඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විධිමත් විමර්ශනයක් සිදු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 – 700ත් අතර බවට ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය, පොල්ගහවෙල මහඔය ඇතුලු ගබඩා පහක 2020 හා 2021 වසරවලදී මිලදී ගත් වී තොග මෙලෙස අතුරුදන්ව තිබුණි.