පෙම්වතාගේ වෙඩි පහරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට

පෙම්වතාගේ වෙඩි පහරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ජීවිතක්ෂයට

මින්නේරිය ප්‍රදේශයේදී අප්‍රේල් මස (14) දින සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදී තරුණිය මිය ගොස් තිබෙනවා.

අදාළ තරුණිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී ඇයට මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

එම තරුණිය පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර එක්ක්කයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ .

පසුගිය 14 වනදා රාත්‍රියේ මෙම තරුණිය අවුරුදු සාදයක් සඳහා අසල්වැසි නිවසකට ගොස් සිටිය දී ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් සිටිය දී මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා

Share This