ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට පදක්කම් 05ක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ලංකාවට පදක්කම් 05ක්

ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ, එම තරග‍ය විනාඩි 03යි තත්පර 46.20 කින් අවසන් කරමින්.

මෙම තරගයේ පළමු ස්ථානය හොංකොං කණ්ඩායමත් (තත්. 39.67), තුන්වැනි ස්ථානය ඉන්දියාවත් (තත්. 40.01) දිනා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව පැවති, මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, එම තරග‍ය විනාඩි 03යි තත්පර 09.48 කින් අවසන් කරමින්.

එමෙන්ම, මීටර් 4×100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තත්පර 39.81කින් තරගය අවසන් කරමින් දෙවනි ස්ථානයට පත් වෙමින්.

400×4 මිශ්‍ර ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිවිය.

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදි පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් නෙත්මිකා මදුශානී හේරත් විසින් වන අතර එහිදී මීටර් 13යි දශම 01ක දුරක් වාර්තා කළ ඇය රීදි පදක්කමක් ජය ගත්තේය.

ඒ අනුව, මේ වන විට ඩුබායිහි පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දි ශ්‍රී ලංකාවට පදක්කම් 05ක් හිමිව තිබේ.

Share This