ඉරාක ටික් ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි (වීඩියෝ)

ඉරාක ටික් ටොක් තරුවක් වෙඩි තබා ඝාතනය කරයි (වීඩියෝ)

ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, සයුනා දිස්ත්‍රික්කයේ බැග්ඩෑග්හි පිහිටි සිය නිවස ඉදිරිපිට මෝටර් රථය තුළ සිටිද්දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු මෝටර් රථයේ දොර හැර ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

ඉරාක ආරක්ෂක අංශ පැවසුවේ, ප්‍රහාරකයා ආහාර බෙදා හරින සමාගමක ආහාර බෙදා හරින්නෙක් ලෙස කටයුතු කරන බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබේ.

ඕම් ෆහාඩ් ප්‍රසිද්ධියට පත් වූයේ ඇය සිය සිරුරට ගැලපෙන තද ඇඳුම් ඇඳ ඉරාක සංගීතයට නටන සැහැල්ලු හදවත් ඇති ටික්ටොක් වීඩියෝ සඳහා ය.

ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් උම්ම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.

ඉරාකයේ “සදාචාර සහ සම්ප්‍රදායන්” උල්ලංඝනය කළ බව පවසන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඉවත් කර පිරිසිදු කිරීම සඳහා 2023 දී ඉරාක රජය සිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් අනු කමිටුවක් පත් කර තිබුණි.

එහිදී ටික්ටොක්, යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරයට පත් වූ අහිතකර යැයි සැලකෙන වීඩියෝ කොටස් නිරීක්ෂණය කළ එම අනු කමිටුවේ නිර්දේශ මත ෆඩාහ් ඇතුළු කීප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන තිබිණි.

Share This