ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලි ද?

ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලි ද?

ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්ථමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කලා.

එහිදී අදහස් පලකළ සංජය මහවත්ත මහතා

ඡන්දය ලග එනවා කියලා පේනවා.ඡන්දයක් ලග එනකොට දේශපාලකයන්ගේ හංගපු සල්ලි එලියට එනවා.පියුමි හංසමාලි සම්බන්ධයෙන් අපිට සැකයක් ඇවිත් තිබෙනවා.

ගෝඨාභයගේ ජීප් රථය පියුමි හංසමාලි මිලදී ගත්තා හෝ ඒක පියුමි හංසමාලිට ගෝඨාභය දුන්නා වෙන්න ඕන.

ඒ නිසා ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි මිලදී ගත්තේ කෙසේද නැත්නම් ගෝඨාභය එයාට දුන්නද මේක දේශපාලකයන්ගේ කලු සල්ලි සුදු කිරීමක් ද කියලා අපිට සැකයක් තිබෙනවා

ඒ වගේම පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

ඉදිරි ඡන්ද වලට දේශපාලකයන් සල්ලි වියදම් කරන ආකාරය අපි බලන් ඉන්නවා.දේශපාලකයෝ කලු සල්ලි සුදු කරන්න නළුනිලියෝ යොදාගන්නවා දැයි සැකයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයෙන් ඉල්ලා සිටිනවා.

Share This