පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක කල්තැබීමේ විවාදයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක කල්තැබීමේ විවාදයක්

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 24, 25 සහ 26 යන දිනයන්හි රැස්වීමටත් විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අදාළ දිනවලදී පැවැත්වීමටත් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, අනිද්දා (24) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව වැඩබලන මහලේකම්වරයා පැවසුවේය.

එමෙන්ම ලබන 25 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පෙර දින පවත්වා කල්තබන ලද පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මීට අමතරව, අප්‍රේල් 26 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය තෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

Share This