පිරමීඩ ජාවාරමක මුදල් සම්බන්ධ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

පිරමීඩ ජාවාරමක මුදල් සම්බන්ධ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් තංගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් මිලියන ගණනක මුදල් ආයෝජනය කළ 37 හැවිරිදි පුද්ගලයෙකු කිසියම් පුද්ගලයෙකු විසින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා රුපියල් රුපියල් මිලියන 2 ක මුදලක් පිරමීඩ ක්‍රමයක ආයෝජනය කිරීම සඳහා සැකකරුට ලබා දී ඇති බව පොලිසිය කියා සිටියේය.

පහරකෑමට ලක්වූ පුද්ගලයා සැකකකරුගේ නිවසට ගොස් ආයෝජනය කළ මුදල් පිළිබඳසොයා බැලීමේදී දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇතැයි පොලිසිය තවදුරටත් කියා සිටියේය.

සැකකරු විසින් මුගුරකින් පහරදී ඝාතනය සිදු කර ඇතැයිද වාර්තා වේ.

පහරකෑමට ලක්වූයේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

Share This