මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

“W.M. Mendis” සහ “රන්දෙනිගල” මත්පැන් නිෂ්පාදනාගාර වල මත්පැන් නිෂ්පාදන කටයුතු අද (28) සිට වහාම නතර කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ.

මීට මසකට පෙර මෙම සමාගම් වල මත්පැන් නිෂ්පාදන කටයුතු නතර කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

ඉන්පසු මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවක දී තීරණය වූයේ දෙසැම්බර් 29 වන දින වනවිට හිග සුරාබදු මුදල් වාරික තුනකින් ගෙවා නිම කිරීමටයි.

එහෙත් එකගතා කඩ කර හිග සුරාබදු මුදල් නිගෙවීම නිසා අද දින සිට යළි නිෂ්පාදන කටයුතු නතර කරන ලෙස දැනුම් දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සමාගම් දෙකෙන් මෙන්ඩිස් සමාගම පමණක් මිලියන 213 ක සුරාබදු පොල්ලක් තබා ඇත. එහෙත් ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණි.

Share This