ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවම්

ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවම්

තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට රුපියල් 5,000 ක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසිනුයි, අදාළ නියෝගය නිකුත් කළේ.

2019 වසරේදී සුදු වෑන් රථයකින් පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට ඇය විසින් රහස් පොලිසියට ප්රකාශයක් දී තිබිණ.