ගේට්ටුව ඇඟ මතට කඩා වැටී දරුවෙක් ජීවිතක්ෂයට

ගේට්ටුව ඇඟ මතට කඩා වැටී දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වු ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලීසිය පැවසුහ.

ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළහ.

දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.