සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් පෙරලී 79ක් මරුට

සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් පෙරලී 79ක් මරුට

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහිදී බේරාගෙන ඇති බව ද සඳහන්.

මේ අතර දිවි ගලවා ගත් අය සහ ග්‍රීක නිලධාරීන් පවසන්නේ තවත් සංක්‍රමණිකයන් සිය ගණනක් යානයේ සිටි බවයි.

යානයේ සිටි කිසිවෙක් ජීවිතාරක්‍ෂක කබා පැළඳ නොසිටි බවද සඳහන්.

මෙය ග්‍රීසියේ සිදුවු විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන බව රජය පවසන අතර මේ වන විට එරට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

යාත්‍රාව ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිටි බොහෝ දෙනා තරුණ වියේ පසුවන පිරිමි පුද්ගලයන් බව ද වාර්තා වී ඇත.

මියගිය අයගේ ජාතිකත්වයන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ..

ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ග්‍රීසියේ Kalamata මධ්‍යම වරාය අධිකාරිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව ද සඳහන්.