පාසල් සිසුවෙක් ගලබඩ දිය ඇල්ලට බිලි

පාසල් සිසුවෙක් ගලබඩ දිය ඇල්ලට බිලි

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි (26) දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වි ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම සිසුවා කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත්, ජීවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගොස් ඇත.

එම අවස්ථාවේ පසිදු චමෝද් දිය ඇල්ලේ ගැඹුරු වලකට බැස දිය නාමින් සිටියදි දියේ ගිලි තිබේ.

අසල්වාසින් සහ දිය ඇල්ල නැරඹිමට පැමිණ සිටි පිරිසක් දියේ ගිලි සිටි සිසුවා ගොඩට ගෙන 1990 සුව සැරිය ගිලන් රථයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ඔහු මියගොස් ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Share This