අසිරිමත් නත්තල අදයි

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) තිබේ.

කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙරට කිතුනු දෙව්මැඳුරුවල නත්තල් දේව මෙහෙයන් රැසක් පැවැත්වෙනවා

ඒ අනුව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි 11.45 ට කටාන, හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිඳුන්ගේ දේවස්ථානයේ දි පැවැත්වෙනවා

සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවය.

එමෙන්ම මෙවර නත්තල දිළිඳු පවුල් සමග බෙදාගන්නා ලෙසයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ

Share This