පුතාගේ පහර දීමෙන් පියා සහ නැන්දා ජීවිතක්ෂයට

පුතාගේ පහර දීමෙන් පියා සහ නැන්දා ජීවිතක්ෂයට

තිස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් පහර දී ඔහුගේ පියා සහ නැන්දා ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසනවා.

අද (07) උදෑසන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලීසියට වැඩිදුරටත් සඳහන් කළේ.

ඇහැළියගොඩ, විජේනායක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ ඔහුගේ 68 හැවිරිදි සහෝදරිය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අතින් පයින් පහර දී මෙම ඝාතනයන් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සැකකරු අතින් පහරකෑමට ලක් වූ ඔහුගේ පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාන්තාව රෝහල් ගතකර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share This