සුරා බදු ගාස්තු වැඩි කිරීමේ තීරණය රිවස්

සුරා බදු ගාස්තු වැඩි කිරීමේ තීරණය රිවස්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර තිබේ.

මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණාත්මක තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුරාබදු ආඥාපනත හරහා රජය 2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබුණා.

ස්කාගාර බලපත්‍රය, රා බෝතල් කිරීම, විනාකිරි නිෂ්පාදනය සහ මත්පැන් සඳහා වාර්ෂික තොග බලපත්‍රය ඇතුළු විවිධ බලපත්‍ර ගාස්තු ගැලපීම් වලට ලක්ව ඇති අතර රාත්‍රී සමාජශාලා සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ද එහි දක්වා තිබුණා.