මුද්‍රණ යන්ත්‍රයක් තරුණයෙකු බිලි ගනී

මුද්‍රණ යන්ත්‍රයක් තරුණයෙකු බිලි ගනී

වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද අළුයම තරුණයෙකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

වස්කඩුව පොකුණ වත්ත පාරේ පිහිටි රෙදිපිළි නිශ්පාදන ආයතනයක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

අනතුර අද අළුයම 3 ට පමණ සිදුව ඇති අතර, තුවාලකරු කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව සදහන් වේ.

සිද්ධිය සම්බන්දයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )