යතුරු පැදිය ටිපර් රථයක ගැටී සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරු පැදිය ටිපර් රථයක ගැටී සිසුවෙක් ජීවිතක්ෂයට

වඩමාරච්චි, කොට්ටාවත ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 14ක බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (25) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වඩමාරච්චි, කොට්ටාවතම් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් වන අතර තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 21ක තරුණයෙක්.

වංගු සහිත ස්ථානයක දී අධික වේගයෙන් පැමිණ ඇති යතුරුපැදිය ටිපර් රථයේ ගැටී ඇති බවත්, අනතුර සිදුවීමත් සමඟ වයස අවුරුදු 14ක පාසල් සිසුවා ද සමඟ යතුරුපැදිය ගිනි ගැනීමකට ලක්ව ඇති බවත් පොලිසිය පැවසුවා.

වැල්වැට්ටිතුරේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

Share This