කෝටි 4ක මත්කුඩු සමග හිටපු පීසී සහ තවත් අයෙක් දැලේ

කෝටි 4ක මත්කුඩු සමග හිටපු පීසී සහ තවත් අයෙක් දැලේ

වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95 ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පොල කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග මාතලේ නගර සභා පිට්ටනියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා මෙම හිටපු ආධුනික පොලිස් කොස්තාපල්වරයා හෙරොයින් කිලෝ 3ග්‍රෑම් 75 ක්සමග අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Share This