අකුණුසැර වැදී පාසැල් සිසුවෙක් මරුට

අකුණුසැර වැදී පාසැල් සිසුවෙක් මරුට

අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත , බටගොඩ, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.

අකුණුසැර සැර එල්ලවන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැදී සිට ඇති අතර , එහිදී ඇතිවූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් සදහන් වේ.

ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පැවසේ.