වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි

යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉලවාලී පොලීසිය පැවසීය.

ඊයේ (18) පස්වරුවේ සිදු කල එම වැටලීමේදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ගණිකා නිවාසයේ පාලකවරයා ද වන බවයි, පොලීසිය සඳහන් කළේ.

තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන මධ්‍යස්ථානයක් වශයෙන් මෙම ස්ථානය පවත්වා ගෙන ගොස් ඇතත් ඒ තුළ සිදුව ඇත්තේ ගණිකා ව්‍යාපාරයක් බව ඉලවාලී පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් කිළිනොච්චිය හා යාපනය ප්‍රදේශවල කාන්තාවන්වන අතර කොළඹ සිට පැමිණෙන කාන්තාවන්ද මේ ස්ථානයේ ලැගුම් ගෙන මීට ඉහතදී ගණිකා සේවයේ නිරතව සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා කන්කසන්තුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉලවාලී පොලීසිය පියවර ගෙන තිබේ.